22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විමර්ශනයේ
රඹුක්කන සිද්ධියට අදාළව මේ වනවිට ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් 22 දෙනෙකුගෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විමර්ශනය කරන බවයි.
එසේම විවිධ ලේඛන 10ක් නඩු භාණ්ඩ ලෙස ඔවුන් භාරයට ගෙන ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
(Aruna)