Sunday, July 13, 2025
Follow Us
රුධිර ඇසුරුම් හිඟයක්

සෞඛ්‍ය වෘත්තිය සමිතිවලින් අනාවරණයක්


මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක් පවතින බවට වාර්තා වේ.

රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක් ද ඉදිරි සතිය තුළ මතුවිය හැකි බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

රුධිර ඇසුරුම්වල තොගයේ අඩුවක් පැවතුනද එය කළමනාකරණය කරගනිමින් කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේය.

(Aruna)