Saturday, November 15, 2025
Follow Us
විවාහ උත්සව ශාලා ගාස්තුත් ඉහළට

ළගදි විවාහවීමට බලාපොරොත්තුවෙන සිටින අයට වැදගත් පණිවිඩයක්


විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දමන බවයි.

මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සදහා අදින් පසුව ලබාගන්නා ඇණවුම් සදහා අවම වශයෙන් 40%ක මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

“ඒ වගේම පසුගිය කාලයේ දැනට අප සතුව තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා”

(Aruna)