Saturday, February 07, 2026
Follow Us
ලබන සතියේ සිට සිමෙන්ති මිලත් ඉහළ යන ලකුණු

ඉදිරියේදී සිමෙන්ති මිල යළි ඉහළ යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා. ඔහු කියා සිටියේ සිමෙන්ති මිල යළි ඉහළ දැමුවහොත් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටෙන බවයි.

සිමෙන්ති මිල ඉහළ ගියහොත් යකඩ මිලද ඉහළ යනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඉකුත් මාර්තු මාසයේදී ද සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමුණු අතර මේ වන විට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන්නේ රුපියල් 2,350 කටයි.

(Neth)