Saturday, February 07, 2026
Follow Us
කිසිදු ඉන්ධන බවුසරයක් නොගිය පිරවුම්හල් 52 ක් පිළිබඳ තොරතුරු

ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් අදත් ජනතාවට පෝලිම්වල රැදී සිටීමට සිදුව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිටම බොහෝ පිරවුම්හල් අසල පෝළිම් දක්නට ලැබුණු බවයි.

අද පෙරවරුවේද බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝළිම් දක්නට ලැබුණා. ඊට හේතුවී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග නොලැබීමයි. ඊයේ දිනයේදී ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් රැසක් වසා දමා තිබෙනු දක්නට ලැබුණා. ඉන්ධන බෙදාහැරීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

පවතින ඉන්ධන බෙදාහැරීම අද හෝ හෙට නිසි පරිදි සිදුවනු ඇතැයි මෙහිදී විශ්වාසය පළ කෙරුණා.

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ පිරවුම්හල් 350 කට ඉන්ධන ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

(Neth)