Saturday, February 07, 2026
Follow Us
ලිට්රෝ ගෑස් මිල රු. 2500 කින් ඉහළට : ඉකුත් වසරේ පාඩුව බිලියන 20ක්

අද සිට කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.2500 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.

ඒ අනුව ගෑස් සිලින්ඩරයේ නව මිල රු. 5175/- ක් බවයි එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේ.

පසුගිය වසර තුල පමණක් ලිට්රෝ සමාගම ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2000ක් බවත් මෙරට ගෑස් භාවිතා කරන සමස්ත පාරිභෝගික ප්‍රතිශතය සීයයට 30ක් පමණක් බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.

(Neth)