Saturday, July 12, 2025
Follow Us
 රඹුක්කන සිද්ධිය ගැන අලුත්ම අනාවරණයක් එළියට

T 56 ගිනි අවි 4ක් භාවිතා කරලා


රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ.

ඔවුන් පවසන්නේ විරෝධතාකරුවන් පාලනයට යෙදවූ පොලිස් කණ්ඩායම් විසින් T 56 ගිනි අවි 4ක් භාවිත කර ඇති බවය.

එසේම මෙහිදී පොලිස් කණ්ඩායම් විසින් T 56 උණ්ඩ 35ක් භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ අතර රඹුක්කනදී පැවැති උද්ඝෝෂණය අතරතුර පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය‍ට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු අද (22) මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

එලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේ පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන්ය.

ඔවුන් එලෙස පැමිණියේ, රඹුක්කනදී පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරතුරදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහාය.

එම අවස්ථාවේදී රඹුක්කන සිද්ධිටය සිදු වු අදාළ ස්ථානයේ සිටි සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එම ස්ථානයේ දී සිය විරෝධතාවය පළ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත් විය.

මේ අතර, සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය අද අලුයම ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

(Aruna)