Saturday, July 12, 2025
Follow Us
පාස්කු වින්දිතයින්ට පාප් වහන්සේගෙන් ආරාධනයක්

60කට අධික පිරිසක් එක්වෙයි


අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකෙරෙනවා.

අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් විසින් ප්‍රකාශ කළේ කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවය.

මෙම සංචාරය සඳහා 60කට අධික පිරිසක් එක්වී ඇත.

ඒ අනුව අද අළුයම 3 පමණ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුණායක බන්ඩාරණායක ගුවන්තොටුපලෙන් වතිකානය බලා පිටත් ගොස් ඇත.

ඉන් අනතුරුව අද උදෑසන 7.30 පමණ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ වින්දිතයින් පිරිසක් වතිකානය බලා පිටත්ව යාමට කටුණායක බන්ඩාරණායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

(Aruna)