Saturday, July 12, 2025
Follow Us
අද වැසි තත්ත්වයේ වැඩි වීමක්

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි


දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ද, මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා

(Aruna)