Saturday, July 12, 2025
Follow Us
මංකොල්ලකෑම් සිදුකළ කල්ලියක හය දෙනෙකු අත්අඩංගුවට

සැකකරුවන් සතුව තිබු දේ


මුලතිව්,පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නිවාස මංකොල්ලකෑම් සිදුකළ කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකු ඊයේ (21) පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ නිවාසවල භාණ්ඩ සොරාගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී අදාළ කණ්ඩායම අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී කඩුවක් හා සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කොටසක් ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පුදුකුඩිරිඉරිප්පු,කොම්බාවිල්,දේවිපුරම් හා විශ්වමඩු ප්‍රදේශයන්හි නිවාස රැසක් මංකොල්ල කා මෙලෙස රන් භාණ්ඩ හා තවත් භාණ්ඩ රැසක් කොල්ලකා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලංකාවිල් හා සෙල්වපුරම් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

(Aruna)