Saturday, February 07, 2026
Follow Us
අදත් බස් ධාවනයේ අඩුවක්

ඇතැම් ප්‍රදේශ පාලු ස්භාවයක් ගත් අයුරු


විරෝධතා නොමැති ප්‍රදේශවල අද දිනයේ බස් රථ සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කිරීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.

එමෙනම් අද උදෑසන අරුණ වෙබ් අඩවිය කල සංචාරයකදී දැක ගන්නට ලැබුනේ බොහෝ ප්‍රදේශ වල රථ වාහන ගමනාගමනයේ අඩුවක් ඇති බවයි එමෙන්ම ඇතැම් ප්‍රදේශ පාලු ස්භාවයක් ද ගෙන තිබුනා.

(Aruna)