Sunday, May 24, 2026
Follow Us
ගෑස් ලැබෙන දිනය මෙන්න

ලිට්‍රෝ ගෑස් සැපයීම යළිත් නවතී


අප්‍රේල් 25 වන දා දක්වා ගෘහස්ත ගෑස් ස්ලින්ඩර් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඊයේ (20) දිනයේදී ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණ තිබුණ ද එය ගෘහස්ත භාවිතය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ ගෑස් තොගය රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හැරෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අප්‍රේල් 24 වන දා ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව 25 වන දා ගෘහස්ත ගෑස් නිකුත් කිරීමට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

(Aruna)