Saturday, February 07, 2026
Follow Us
බවුසර් හිමිකරුවන් සේවයෙන් ඉවත්වෙයි ?

තෙල් සංස්ථා සභාපතිට බවුසර් හිමිකරුවන්ගෙන් ලිපියක්


අද(20) දිනයේ දී ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වන බව ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

මේ වනවිට රට පුරා උද්ගත වී ඇති අනාරක්ෂිත තත්ත්වය පහව ගිය පසු සිය ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමය ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

සිය බවුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා දෙන්නේ නම්, ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම ලිපිය වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)