Saturday, July 12, 2025
Follow Us
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

පුද්ගලික හා ලංගම බස් රථ ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35 කින් ඉහළ ගියා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා ඉහළ ගිය අතර උපරිම ගාස්තුව රුපියල් 2,022 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

නව බස් ගාස්තු සංශෝධනයට අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථවල අවම ගාස්තුව රුපියල් 33 ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 2,528 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ.

සුඛෝපභෝගී බස් රථවල අවම ගාස්තුව රුපියල් 40 ක්. සුඛෝපභෝගී සේවාවන්හි උපරිම ගාස්තුව රුපියල් 3,370 ක් දක්වා ඉහළ ගොස් ඇත‘ බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)