Saturday, July 12, 2025
Follow Us
හෘද රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමක – GMOA

ඉදිරි සති කිහිපයේදී සෞඛ්‍ය අර්බුදය උග්‍රවිය හැකියි


ඖෂධ හිඟතාව ඇතුළු ගැටළු රැසක් හේතුවෙන් රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් හටගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අද (19) පැවසුවේ එම තත්ත්වය ඉදිරි සති කිහිපයේදී උග්‍රවිය හැකි බවයි.

ඖෂධ හිඟය එක් ප්‍රදේශයක පමණක් නොව සමස්ත රට පුරාම පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සදහන් කළේ ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් රටම අවධානමකට පත්ව ඇති බවයි.

හෘද රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාවට අවශ්‍යම බෙහෙත් වර්ග තුනක දැඩි හිඟයක් පැවතීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්ව ඇතැයි ද වෛද්‍යරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)