Saturday, February 07, 2026
Follow Us
රටපුරා දැවැන්ත විරෝධතා

රඹුක්කන යුධපිටියක් වෙයි


ඉන්ධන හිඟය හා මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබේ.

ප්‍රධාන මාර්ග ගණනාවක් වාහන මගින් අවහිර කරමින් ජනතාව මෙසේ විරෝධතාවේ යෙදී සිටි.

ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

මෙම විරෝදතා හේතුවෙන් හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය මාර්ග මෙන්ම රත්නපුර, රඹුක්කන, කෑගල්ල, ගාල්ල, බදුල්ල – කොළඹ මාර්ගය හපුතලෙන්, සහ මාතර යන නගරවල මාර්ග අවහිර වී තිබේ.

මෙම උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රියන් රඹුක්කන දක්වාත්, උඩරට මාර්ගයේ පැමිණෙන දුම්රිය කඩිගමුව දක්වාත් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)