Saturday, February 07, 2026
Follow Us
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ඩීසල් ලීටරයක නව මිල 289ක්


අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 338කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 373ක් ලෙසටය.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක නව මිල 289කි.

ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසටය.

(Aruna)