Saturday, February 07, 2026
Follow Us
ඉන්ධන පිරවුම් හල් වහයි

තෙල් නැතුව රටට සිදු වෙලා තියෙන දේ


ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ ගෑස් හිඟය හේතුවෙන් කොළඹ සහ පිටපලාත්වල ඉන්ධන පිරවුම් හල් සහ ගෑස් අළෙවිසැල් බොහෝමයක් අද (18) දිනයේ වසා දමා තිබේ.

විවෘතව තැබූ ඉන්ධන සහ ගෑස් පිරවුම්හල් අසලත් දිගු පෝලිම් දක්නට ලැබිණ.

ඉන්ධන සහ ගෑස් හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගන්නට ඇති අතර ඉන්ධන සහ ගෑස් හිඟයත් සමග දිවයිනේ බොහෝ පිරවුම්හල්වල ගැටුම්කාරී තත්වයන්ද හට ගැණිනි.

ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිම් වල රැදී සිටිනුද දක්නට ලැබිණ.

ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන පැය ගණන් පෝලිම් වල රැදි සිටින අතර ඇතැම් පිරිස්වලට ගෑස් නොමැතිව හිස් සිලින්ඩර රැගෙන යලි නිවෙස් බලා යාමටද සිදුවිය.

ඉන්ධන හිගය හේතුවෙන් බස් රථ ඇතුලු මගී ප්‍රවාහන සේවා භාන්ඩ ප්‍රවාහන සේවා, සඳහාද දැඩි බලපෑම් එල්ල වූ බව භාණ්ඩ ප්‍රවාහන සේවා හිමිකරුවෝ සහ බස් රථ සංගම් සඳහන් කළහ.

(Aruna)