Saturday, July 12, 2025
Follow Us
බැසිල්ගේ සහ ආටිගලගේ විදෙස් ගමන් තහනම් කිරීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කරන ලද ඉල්ලීමක් අද (18) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

පසුගිය රජයේ පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔහු වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටියේ ද එම රජයේ තවත් පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ මෛත්‍රී ගුණරත්න මහතාය.

අද දිනයේ ක්‍රියාත්මක වන්නේ නිවාඩු අධිකරණය (vacation court) වන අතර එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පහෙන් ක්‍රියාත්මක වන්නේ එකක් පමණි. එහි විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

(LNW)