Saturday, July 12, 2025
Follow Us
20 වැනිදා ජාතික විරෝධතා දිනයක්

සියලු වැඩබිම්වල අඛණ්ඩ වැඩ වර්ජනයක්


එළැඹෙන 20 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත්, එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සභාපති රවී කුමුදේශ් පැවැසීය.

ඉතා ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන රටේ මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල සටහන් කරමින්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව කියයි.

(Aruna)