Friday, February 06, 2026
Follow Us
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

(Aruna)