Friday, February 06, 2026
Follow Us
ගාලු මුවදොර සංඥා කුළුණ ගලවයි

ගාලු මුවදොර අලුත් තත්වය


ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිස් රැඳී සිටින පරිශ්‍රය ආසන්නයේ සවිකර තිබූ දුරකථන සංඥා කුළුණ ඉවත් කිරීමට අදාළ සමාගමේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට එහි සියලු කොටස් ඉවත්කරගෙන ගොස් ඇති බවය.

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් වෙනුවෙන් සංනිවේදන පහසුකම් පුළුල් කිරීම සඳහා (15) එම කුළුණ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා විය.

නමුත්, හදිසියේම එම තාක්ෂණික පහසුකම් සපුරාලීම නවතාලමින් අදාළ ආයතනය විසින් එම උපාංග ඉවත් කරගෙන ඇත.

(Aruna)