ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ප්‍රමාණවත් බස් රථ යොදවා ඇති බවට ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළද ධාවනය වන බස් රථවල අඩුවක් පවතිනවා. ඊයේ දිනයේද බස් රථවල අඩුවක් පැවති බවයි නෙත් නිවුස් ඇමතූ ශ්‍රාවකයින් කිහිප දෙනෙකු පැවසුවේ.
සැලසුම් කර ඇති බස් රථ ධාවනය කිරීමට නොහැකි වී ඇත්තේ ලංගම සේවකයින් නිවාඩු ගොස් සිටීම හේතුවෙන් බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
කෙසේවෙත් අද අළුයම දිවයිනේ ප්‍රධාන මාර්ග ගණනාවක බස් රථ ධාවනය ඉතා අඩු මට්ට්මක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. බස් රථයක් පැමිණෙන තුරු එම මාර්ගවල දිගු වේලාවක් රැදී සිටීමට මගීන්ට සිදුව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළා.
(Neth)