Saturday, July 12, 2025
Follow Us
බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය


බක් පුර පසළොස්වක පොහොය අදට (16) යෙදී තිබේ.

බක් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව ඇති බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය බක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ද සඳහන් වේ.

සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකය.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.

(Aruna)