Saturday, July 12, 2025
Follow Us
මහ සිකුරාදා දිනය අදයි

කතෝලික දේවස්ථාන වල පැය තුනක දේව මෙහෙයක්


ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට (15) යෙදි තිබේ.

මුල් යුගයේ සිටම ශෝකයේ සහ නිරාහාරශීලයේ දිනයක් ලෙස මහ සිකුරාදා දිනය කිතුණු බැතිමතුන් සලකනු ලබයි.

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිකරමින් එදිනට නියමව ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් කටයුතු කරන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථාන වල පැය තුනක දේව මෙහෙයක් පැවැත්වෙයි.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

උන්වහන්සේගේ උට්ඨාන හෙවත් මළවුන් පරදා නැගීටීම සිහි කරමින් මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරු දින කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

ඒ අනුව මෙවර පාස්කු ඉරුදින අප්‍රේල් මස 17 වන ඉරිදා දිනට යෙදී තිබේ.

(Aruna)