Friday, February 06, 2026
Follow Us
අරගලය අඛණ්ඩව හත්වැනි දිනටත්

විශාල පිරිසක් අදත් විරෝධතා භූමියට


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව අද (15) දිනයේත් පැවැත්වේ.

අද විරෝධතාවෙහි හත්වෙනි දිනය වන අතර අද දිනයේද මේ මොහොත වන විටත් විශාල පිරිසක් විරෝධතා භූමියෙහි රැඳි සිටිනු දක්නට ලැබෙයි.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කුඩාරම් සවිකර ගනිමින් අඛණ්ඩව මෙම විරෝධතාවෙහි නිරත වෙනු දක්නට ඇත.

එමෙන්ම ඊයේ (14) උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද විරෝධතාකරුවන් අරගල භූමියේ සිටම සැමරෑ අතර ඒ සඳහාද විශාල පිරිසක් සහභාගී වූ බව දක්නට ලැබුණු අතරම ඊයේ රාත්‍රියේ විවිධ ප්‍රදේශ රැසකින් විශාල ජනතාවක් අරගලය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එක්රැස්වී සිටි බව දක්නට ලැබුණි.


(Aruna)