Saturday, July 12, 2025
Follow Us
තෙල් – විදුලි ගැටළුව හෙටින් පසු වැඩිවෙයි

බලධාරීන් කරන ප්‍රකාශ අසත්‍යයි


හෙටින් පසු මෙරට ඉන්ධන හා විදුලි අර්බුද වඩාත් උග්‍රවන බවට සමගි වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ හෙටින් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසීමාව ඉහළ නැවෙන බවයි.

ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන ගැටළු ද උද්ගතවනු ඇති බව ඔහු සදහන් කරයි.

පිරවුම්හල් සදහා අවශ්‍ය පෙට්‍රල් කිසිදු හිගයකින් තොරව ලබාදී ඇතැයි බලධාරීන් කරන ප්‍රකාශ අසත්‍ය බවද ආනන්ද පාලිත වැඩිදුරටත් චෝදනා කරයි.

(Aruna)