Friday, February 06, 2026
Follow Us
කැළණි සරසවි සිසුන්ට ප්‍රහාරයක්

කිරිබත්ගොඩ උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරය


ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් කිරිබත්ගොඩ නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සැකසූ අට්ටාලයක් මත සිට එම විරෝධතාවය දක්වා තිබුණි.

13 සවස 5.30ට පමණ එහි පැමිණි පිරිසක් අතරින් පුද්ගලයෙක් එම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා විය.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කර තිබෙන අතර කිරිබත්ගොඩ පොලීසිය විසින් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන ඇත.

(Aruna)