Friday, February 06, 2026
Follow Us
සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

නැකැත් සීට්ටුව මෙතැනින් බලන්න


මෙවර සිංහල අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ පෙරවරු 08.41 ටය.

අද අලුයම 2.17 ට පුණ්‍ය කාලය උදාවිය.

ආහාර පිසීමේ නැකත පෙරවරු 9.05ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප්බැද ගිනි මොලවා දී-කිරි මිශ්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්නා ලෙසයි නැකැත් සීට්ටුවේ සදහන් වේ.

මේ අතර අද පෙරවරු 10.17 ට වැඩ ඇල්ලීම / ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකැත යෙදී ඇත.

හිසතෙල් ගෑමේ නැකත උදාවන්නේ ලබන 17 වනදා උදාසන 7.04 ටය.

එම නැකතට දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුග පත්ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය සුදුසු බවයි ජෝතිශ්‍යයෙහි සඳහන් වේ.

මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 18 වන සඳුඳාය.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කොට උදාසන 6.51 ට දකුණු දිසාව බලා පිටත්ව යාම යෝග්‍ය බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.

(Aruna)