Wednesday, September 17, 2025
Follow Us
සිරකරුවන්ට දවස් පහකට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා දින 5ක කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත.

අද (12) සිට 16 වනදා දක්වා එම වි‍ශේෂ අවස්ථාව සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක,චන්දන ඒකනායක මහතා පවසයි.

එහිදී, එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබේ.

එමෙන්ම සිරකරුගේ ඥාතීන් විසින් නිවසේ දී සකස්කර රැගෙන එන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමට අවස්ථාව හිමි වේ.

සිරකරුගේ ඥාතියෙකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගලයෙකුට අද සිට 16 වනදා දක්වා කාලසීමව තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2,000 මුදලට අමතරව උත්සව සමය වෙනුවෙන් රුපියල් 2,000 මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදුකළ හැකිය.

මීට අමතරව තම නිවසින් ආහාර ‍වේලක් රැගෙන ඒමට අපහසු අමුත්තන් සඳහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබා දිය හැකි බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කෙරෙන මෙම අවස්ථාව හිමි වන්නේ ඉහත සඳහන් කළ කාලය තුළදී පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)