Wednesday, September 17, 2025
Follow Us
වී හිඟයක් ගැන රතු එළියක්

සහල් මිල ඉහළ යන ලකුණු


ඉන්ධන සහ පොහොර අර්බුද හේතුවෙන් යල කන්නයේ වී හිඟයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

රට තුළ පවතින අර්බුදයත් සමඟ යල කන්නයේ නියමිත ලෙස වගාවන් සිදු කිරීමට නො හැකි වුව හොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය.

මේ වනවිට වෙළඳපොලෙහි දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210ත් 220ත් අතර මිලකට අලෙවි වේ.

එමෙන්ම සම්බා කිලෝග්‍රෑමයක් අද වනවිට වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 230ක මිලකට යි.

කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල ද මේ වනවිට රුපියල් 270 දක්වා ඉහළ ගොස් තිබේ

(Aruna)