පවතින වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ දැදුරු ඔය, කුඹුල්වානා ඔය, රාජාංගනය, අංගමුව සහ රඹකැන් ඔය යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ පවතින වැසි හේතුවෙන් ජලාශවල ජල ධාරිතාව සියයට 70ක් දක්වා ළගා වී ඇති බවයි.
මේ අතර දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඇතිවූ වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
(Neth)