Friday, July 11, 2025
Follow Us
කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක

ගුවන් මෙහෙයුම් සදහා බාධාවක් නෑ


කටුනායක ගුවන් තොටුපළ සේවකයින් සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස සහ අලුත් අවුරුදු බෝනස් දීමනාව නොලැබීම මුල් කර ගනිමින් සේවක වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (11) දින උදෑසන 9.30 පමණ සිට ආරම්භ කර තිබේ.

මෙම වැඩවර්ජනයට සහ උද්ඝෝෂණ ව්‍යාපාරයට පක්ෂ සහ වෘත්තීය සමිති භේදයකින් තොරව සමස්ථ ගුවන් තොටුපළ සේවකයින්ම එක්ව සිටියි.

මෙම සේවක වැඩවර්ජනය සහ උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා ගුවන් තොටුපළ දෛනික රාජකාරී වලට සහ ගුවන් ගමන් මෙහෙයුම් සදහා මේ වනතෙක් බාධා ඇති වී නොමැති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි.

මේ වන විට මෙම සේවක වෘත්තීය සමිති නායකයින් සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් ද ආරම්භ වී තිබේ.

(Aruna)