Friday, February 06, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක්

කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට අප්‍රසාදය


පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්ට තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් විසින් “යුක්තියේ පා ගමන” නමින් සංවිධානය කළ පාගමන (09) රාත්‍රියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ගමන්ගත්තේය.

එහිදී අදහස් දැක්වු කාදිනල් හිමියන්,

“දැන් එන්න එන්නම පැහැදිලිව පේනවා මේ ත්‍රස්ත ප්‍රහාරය පිටිපස්සේ වෙනත් බලවේග ක්‍රියාත්මක වුණා කියලා. රජයේ ප්‍රධාන පෙළේ සහභාගිකරුවෙක් වන හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව කිසිදෙයක් මේගොල්ලෝ කරලා නැහැ. ඒ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා, එතුමා තමන්ගේ වගකීම් පැහැර හැරියා, ඒ නිසා එතුමාට විරුද්ධව නඩු දමන්නට ඕනේ කියලා. නමුත් ඒ කිසි දෙයක් කෙරුණේ නැහැ. කලින් ආණ්ඩුවෙන් දාලා තිබුණ නඩු දෙකක් ඉතාමත්ම දුර්වල විදිහට සාක්ෂි ඉදිරිපත් කරවලා, නඩුව විසිවෙන තත්ත්වයට මේ ආණ්ඩුව කටයුතු කළා. කුමක් හෝ සඟවනවා කියලා අපිට හැඟෙනවා. ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා, අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවාම ඒ ලේ ස්වර්ගයට මොර දෙනවා කියලා යුක්තිය ඉල්ලලා. ඒ නිසා වෙන්නේ ඇති මේ රජයට මාස තුනයි රට පාලනය කරන්න ලැබුණේ. එතන ඉඳලා විනාශයේ මාවතට මේ රජය පියවර තැබුවා. ඉතින් ඔන්න ඒ අයට දැන් රට පාලනය කර ගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා.”

(Aruna)