Saturday, July 12, 2025
Follow Us
දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් තවමත් මහ පාරේ

ගාලු මුවදොර අරගලය තවදුරටත්


ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන්නැයි බලකරමින් කොළඹ ගාලු මුවදොර පිටිය අසල ආරම්භ කළ දැවැන්ත විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබේ.

අප වාර්තාකරු සදහන් කළේ විරෝධතාකරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් තවමත් එම ස්ථානයේ රැඳී සිටින බවයි.

ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළට 30,000කට දැඩි ජනතාවක් පැමිණි සිටියේ ජනතාවගේ ගැටළුවලට විසදුම් නැතිනම් වත්මන් ජනපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමිනි.

මෙම තත්ත්වයත් සමග කොටුව ජනාධිපති කාර්යාලය හා ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමටයි පියවර ගනු ලැබීය.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පවා මෙම විරෝධතාවයට සහභාගීවී සිටීම විශේෂත්වයකි.


(Aruna)