Saturday, July 12, 2025
Follow Us
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්

ප්‍රදේශ කිහිපයකට තද වැසි


දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී සූර්යයා, ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.

අද දින (09) දහවල් 12:12 ට හලාවත, මහකෙළිය, වැලිවිට (මාතලේ දිස්ත්‍රික්කය ), පුල්ලුමලෙයි, කල්කුඩා, සහ කුරුක්කල්මඩම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බව ද එම දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

(Aruna)