Friday, February 06, 2026
Follow Us
අලුත් අවුරුදු සමයෙන් පසු ගෑස් නැතිම වෙන ලකුණු …

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

පවතින ඩොලර් හිඟය හමුවේ ඉදිරියට ගෑස් නැව් මෙරටට ගෙන්වීම සඳහා ඇනවුම් කර නොමැති වීම මීට හේතුවී ඇති බව සඳහන්.

ඒ අනුව අප්‍රේල් 18 වනදා පමණ වනවිට රට තුළ පවතින ගෑස් තොග සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

(LNW)