Thursday, July 10, 2025
Follow Us
අවුරුද්දට ගමේ යන්න ප්‍රයිවට් බස් නෑ

පෞද්ගලික බස් හිමියන් හදිසියේ ගත් තීරණය


අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි.

අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද(8) සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුනත් පවතින ඩීසල් හිඟය හේතුවෙන් එම සේවා ක්‍රියාත්මනක නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

දිවයින පුරා පවතින උග්‍ර ඩීසල් හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද විජේරත්න මහතා කීවේය.

මේ හේතුවෙන් (07) දිනයේ ධාවනය වූයේ සමස්ථ බස්රථ වලින් පහෙන් එකක් හෙවත් බස් රථ 4000 කට අඩු සංඛ්‍යාවක් බවත් ඔහු පැවසීය.

ප්‍රමාණවත් බස් රථ නොමැතිවීමෙන් අද දිනයේත් මගී ජනතාවට මහමග රස්තියාදුවීමට සිදුවූ බවත් ඔහු කීවේය.

(Aruna)