ජනතා විරෝධතා සාමකාමීව සිදුකරන්න
ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සෑම පුරවැසියෙකුම ඉදිරියට පැමිණ විරෝධතාවලට එක්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු මෙන්ම තරග තීරකයෙකු වන රොෂාන් මහානාම මහතා ඉල්ලා සිටියි.
ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින්.
එම පණිවිඩය මගින් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා දේශපාලන නායකයින් වැඩි දෙනෙකුට ගරුත්වයක් නොදක්වන බවයි.
ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට වගවීම සදහා ඔවුන්ට බල කිරීමට සියලු දෙනා එක් විය යුතු බව ඔහු අවධාරණය කරයි.
මේ අතර ජනතා විරෝධතා සාමකාමී විය යුතු අතර, දේපළ හානි කිරීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවන ලෙස ද රෝෂාන් මහානාම මහතා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත.
(Aruna)