Thursday, July 10, 2025
Follow Us
අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවා

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම්


අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලබන 15 වනදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ බස් රථ සේවාව දෙවන අදියර යටතේ මගී ඉල්ලුමට සරිලන පරිදි යළි පැමිණීමට බස් සේවා යෙදවීමටද සැලසුම් කර තිබෙනවා.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයට අමතරව කඩවත, කඩුවෙල සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළද මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පෞද්ගලික බස් සඳහා ඩීසල් නොලැබුනහොත් අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වනු ඇති බවයි.

(Aruna)