Thursday, July 10, 2025
Follow Us
නීල් සැර කතාවක් කරයි

රටේ ඇතිවී තිබෙන තත්ත්වයට පවතින රජය වගකිව යුතුයි


හොරකම් නොකරන පාලනයකට රට ගෙන යා යුතුව ඇතැයි කලාකරුවන්ගේ සංවිධානය පවසයි. කලාකරුවන්ගේ සංවිධානය පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව කියා සිටියහ.

ගායන ශිල්පී නීල් වර්ණකුලසූරිය
අද රටේ ඇතිවී තිබෙන තත්ත්වයට පවතින රජය වගකිව යුතුයි. ඉතාම පොහොසත් පවුල් ගණනාවක් මේ ක්‍රමය යටතේ බිහිවෙලා තිබෙනවා. ඔවුන්ට තිබෙන වාහන ගණන එකපාරට කියන්න කියලා කිව්වොත් ඒක එකපාරට ගණන් කරලා කියන්න බෑ. රජයේ දේපොළ, මහජන මුදල් හොරකම් නොකරන පාලනයක් ගොඩනගන්න, අළුත් ක්‍රමවේදයකට රට ගෙනැවිත් සුන්දර රටක් කරමු. අපිට නැතිවුණත්, එතැනින් එහාට ඉන්න මේ පොඩි දරුවන්ටවත්.

ගායන ශිල්පී රොහාන්ද සිල්වා
පාර්ලිමේන්තුවේ ඉන්න ඔළුගෙඩි මාරුකරලා තවදුරටත් ‍මොන මොනහරි උප්පරවැට්ටි යොදලා මේ පාලන තන්ත්‍රය තවදුරටත් බලයේ ඉන්න හදන බව පෙනෙන්නට හැරියොත් ජනතාවගේ ප්‍රතිවිරෝධීතාවය තව ප්‍රබල වේවි. අපේ රට ලෝකය හමුවේ තවත් හෑල්ලු වෙනවාට අපි කැමති නෑ.

(Aruna)