Wednesday, July 09, 2025
Follow Us
මිරිහානේ බස් රථය ගිනිතැබූ “අරාබි වසන්තයා” සොයාදෙන්න – පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

පසුගිය 31 වනදා නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති උද්ඝෝෂණයක් අතරතුර බස් රථයකට සහ වෙනත් වාහනවලට ගිනිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහාය ඉල්ලා සිටින බව පොලිසිය පවසයි.

කෙසේවෙතත් මීට පෙර ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර තිබුණේ අදාළ විරෝධතාවයේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ අන්තවාදී කණ්ඩායමක් බව අනාවරණය කරගෙන ඇති බවත් ඔවුන් “අරාබි වසන්තයක්” මෙරට ඇතිකිරීම සඳහා කටයුතු කරමින් සිටි පිරිසක් බවත් ය.

RN