Wednesday, July 09, 2025
Follow Us
අද පෞද්ගලික බස්රථ ධාවනයේ අඩුවක්

මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 15 ක ප්‍රමාණයක් අද දිනයේදී ධාවනය එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ධාවනය සඳහා ඩීසල් තොග හිමිවී ඇති ප්‍රදේශවල පමණක් පෞද්ගලික බස්රථ ධාවනය කරන බවයි.

කෙසේවෙතත් අන්තර්පළාත් පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පැවසුවේ බස්රථ ධාවනය කිරීම සඳහා එම සංගමයට ඩීසල් තොග නොලැබුණු බවයි. එබැවින් අද පෙරවරුවේ ඩීසල් ලැබුණ හොත් පමණක් අන්තර් පළාත් පෞද්ගලික බස්රථ ධාවනය කරන බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කළා.

මේ අතර නෙත් නිවුස් කළ විමසීමකදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ දුම්රිය සහ ලංගම බස්රථ අද උදෑසන 06 න් පසුව ධාවනයට එක් කළ බවයි.

(Neth)