Friday, February 06, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී සිහින් වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු සිදුවිය හැකිය.

(Aruna)