Tuesday, September 16, 2025
Follow Us
සංචාරකයින්ටත් සහනයක්

මෙරටට පැමිණ සිටින විදේශිය සංචාරකයින්ට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් සිදුවන අපහසුතා මගහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව සංචාරක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද දිනයේ විදේශිය සංචාරකයින්ට කලින් සැලසුම් කළ ප්‍රදේශවල සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බවයි එම අමත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ.

ඒ සඳහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයගෙන් ඉල්ලීමක් කළ බව ද සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් කළ විමසිමකදි කියා සිටියා. සංචාරකයින් ප්‍රවාහනය කෙරෙන බස්රථ හා අනෙකුත් වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ද බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රට උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක ඉන් මිදීම සඳහා මෙරට සංචාරක කර්මාන්තය යළි යථාතත්ත්වයට පත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය ඒ සඳහා ප්‍රබලතම සාධකයක් වනවා. ඒ අනුව මේ මොහොතේ විදේශීය සංචාරකයන් අපහසුතාවට පත් නොවන ලෙස ක්‍රියාකිරීම සියලු පාර්ශවවල වගකීමක් බව නෙත් නිවුස් පෙන්වා දෙනවා.

(Neth)