Friday, February 06, 2026
Follow Us
අද පස්වරුවේ සිටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක්?

හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදීද මධ්‍යම රාත්‍රී 12.00 සිට උදෑසන 06.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පැනවීමටයි රජය කටයුතු කර තිබුණේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ පැවති විශේෂ සකච්ජාවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර අප වෙත වාර්තා වූයේ 03 වැනිදාට ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලෙස එහිදී මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේවෙතත් ඒ මොහොතේ ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

(LNW)