ජා ඇළ දැඩි රථවාහන තදබදයක්
ජා ඇළ – කනුවන මංසන්ධිය අසල සිදු කරන විරෝධතාවක් හේතුවෙන් අද (02) දිනයේ දී දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
රට තුළ දරාගත නොහැකි ආර්ථික අර්බුදවලට ජනතාව විසින් කඩිනම් විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවන වියදම ඉහළ යාම, පැය ගණනක විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන, කිරිපිටි, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට එරෙහිව අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වෙනවා.
(Aruna)