Thursday, April 09, 2026
Follow Us
පාසල් කලින්ම නිවාඩු දෙයි ?

මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක්


පවතින දීර්ඝ විදුලි කප්පාදුවීම් සමග සිසුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා හේතුවෙන් අප්‍රේල් පාසල් නිවාඩු කාලය දින කිහිපයකට පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව අප්‍රේල් 4 වනදා සිට පාසල් සඳහා නිවඩු ලබා දෙන ලෙස එම ඉල්ලීම සිදු කළ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

(Aruna)