ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වී ඇති බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණක් ගෑස් මිලදී ගන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.
වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන අලෙවිකරුවන් වේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලීසිය, පාරිභෝගික අධිකාරිය හෝ ලිට්‍රෝ සමාගම වෙත දැනුම් දෙන්නැයි සභාපතිවරයා පවසයි.
ලිට්‍රෝ සමාගමේ 1311 ක්ෂණික ඇමතුම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකියි.
(Aruna)