Friday, February 06, 2026
Follow Us
වඩු කාර්මිකයින් මොරටුව පොහොට්ටු නගරාධිපතිගේ නිවස වටළා ගල් ගසයි !

මොරටුව ප්‍රදේශයේදී ඊයේ (01) විරෝධතා පැවැත්වූ වඩු කාර්මිකයින්ගෙන් පිරිසක් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවස වටළා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මොරටුවේ වඩු කාර්මිකයින් ඊයේ පෙරවරුවේ මොරටුව නගරසභාව වටළා විරෝධතාවක් පැවැත්වූ අතර එහිදී විරෝධතාකරුවන් සහ නගරාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුව ඇත.

ඉන් අනතුරුව පස්වරුවේ නැවත නගරාධිපතිවරයාගේ නිවස වටළා ඇති විරෝධතාකරුවන් නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව සඳහන්.

ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයා නිවසේ සිට නොමැති අතර නිවසේ සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ විරෝධතාකරුවන් අතර ද උණුසුම් බහින්බස් වීමක් සිදුව ඇති බවත් වාර්තා විය.

තත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.

(LNW)